සිසිර සමය උදා වී තිබිණි. ගස් වැල්, මල් කොළ වරමින් තිබේ. ඒ ශිෂ්‍යයා තම කාමරයේ ජනේලය අසල වූ කොළ හැළෙමින් තිබුණු රෝස පඳුර දෙස දුක්මුසුව බලා හුන්නේය. එහි ඉතිරිව තිබුණේ සුදුමැලි කුඩා රෝස කැකුළක් පමණි. රෝස මලක් සොයාගන්නේ කොතැනින්ද? තම සිත දිනාගත් යුවතියගේ උපන් දිනය හෙටයි. ඉතින් ඇයට තම ආදරය ප‍්‍රකාශ කොට රෝස මලක් තිළිණ කරන්නේ කෙසේද? හෙතෙම වඩාත් දුක්මුසු විය.

ශිෂ්‍යයාගේ දොම්නස, රෝස පඳුර අසල සිටි කුරවි කෙවිල්ලට දැනිණි. ඔහුගේ සිත ඇයට වැටහිණි. ඕ රෝස පඳුරට ළංව සෙමෙන් ගයන්නට වූවාය. ප‍්‍රබෝධවත් වූ රෝස පඳුර ඇයට වඩාත් ළං වන මෙන් ද සිය කටුවක් ළයට තබාගෙන දිගටම ගායනා කරන මෙන් ද ඉල්ලා සිටියේය.

ඉතින් ඕ දිගටම ගැයුවාය. රැුය මුළුල්ලේම රෝස කටුව ළය පතුලටම කිඳා බසිද්දීම ගැයුවාය.
පසුදා උදෑසන ලේ රතු වන් දුර්ලභ රෝස මලක් පිපී තිබිණි.

ඒ, ඔස්කාර් වයිල්ඞ්ගේ කුරවි කෙවිල්ල (Nightingale) ලෝකයේ සතුට වෙනුවෙන් ආත්ම හරණයෙන් යුක්තව ගැයූ අන්දමයි. අපේ කුරවි කෙවිල්ල ද එසේම ගැයුවාය. පුරා වසර 62කට ආසන්න කාලයක් තිස්සේ ගැයුවාය. සුවහසක්් රසික-සහෘද ප‍්‍රජාවගේ හදවත් කුසුම් විකසිත කරමින් ගැයුවාය. දුක් වේදනා කටු තුඩට ළය තබාගෙන ගයමින් රෝස කුසුම් පන්දහසක් විකසිත කළාය. ඒ, සුජාතා අත්තනායක නම් කුරවි කෙවිල්ලය.

සුජාතා සිය මුල්ම ගීය ගයා ඇත්තේ 1950 වසරේ දී එකොළොස් හැවිරිදි දැරියක ව සිටියදීය. ‘මල් සේ දිලේවා’ නම් වූ ඒ ගීයට වඩා ශ‍්‍රාවකයන් ඇය හඳුනගත්තේ ඉන් සිවු වසකට පසුව ගැයූ ‘සාධු දන්ත දා’ නම් අදත් අතිශය ජනප‍්‍රියව පවත්නා ගීතයෙනි. එතැන් පටන් ඕ, සරල ගී, චිත‍්‍රපට පසුබිම් ගී, නාට්‍ය ගී, ගුවන් විදුලි ගීත නාටක ගී ආදී වශයෙන් දහස් ගණනක් ගී ගයා තිබේ. එමෙන් ඕ සිංහල, දෙමළ, හින්දි, උර්දු, නේපාල, බෙංගාල හා මරාති ආදී විවිධ භාෂාවලින් ගැයූ ගී රැුසකට ද හිමිකම් කියන්නීය. ලංකා ගුවන් විදුලියෙහි සිංහල හා දෙමළ සේවා දෙකෙහිම විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක් වන්නී ඇය පමණය. කිසිවෙක් ඇයට ඊර්ෂ්‍යා නොකරත්වා!

ගුවන් විදුලියේ අවසන් වරට පැවැති ශිල්පීන් වර්ග කළ දීපාල් නාග් පරීක්ෂණයේදී තෝරා ගැනුණු විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පීන් අටළොස් දෙනා අතුරින් ඉහළම ලකුණු ලබා සිටියේ ද සුජාතාය. ශාස්ත‍්‍රීය ගායනයේ ද ඕ ‘ඒ’ ශ්‍රේණියේ ශිල්පිනියකි. ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ දෙමළ සේවයේ ද ඈ ගැයූ ගී දෙසියයකට වැඩි ප‍්‍රමාණයක් තිබේ. දෙමළ චිත‍්‍රපට 19කට ඕ පසුබිම් ගී ගයා ඇත්තීය. මේ ආධ්‍යාත්මික වාර්ගික සුහදතාව තහවුරු කළ වෙනත් ශිල්පීන් වේ නම් ඒ අතළොස්සකි.
සුජාතා, චිත‍්‍රපට පසුබිම් ගී ගායනය අරඹන්නේ වයස 14 දී ‘සොහොයුරෝ’ චිත‍්‍රපටයට ගී ගයමිනි. එතැන් පටන් ඕ චිත‍්‍රපට 352කට ගී ගයා ඇත්තීය. 1975 වසරේදී චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂිකාවක් වී ‘හරියට හරි’ චිත‍්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නී ද ඇයයි.
සුජාතා අත්තනායක, සරල ගී, ශාස්ත‍්‍රීය ගී, ගසල් හා කර්ණාට ශෛලියේ ගීත මෙන්ම, දේශීය ජනනාද මාලා අනුගත ‘බොලං පොඩි නංගි’ වැනි ගීත ද ගයා තිබේ. එමෙන්ම බටහිර කැලිප්සෝ සංගීතයට අනුව ‘සක්වළ ලෝකයක් කළා’ වැනි ගීත ද ගැයුවාය.
දමිළ කලා විචාරකයකු වූ කොළඹ ආමර් වීදියේ කණපති විද්‍යාලයේ ගුරුවරයකු වූ තම්බි අයියා දේවදාසන්, වීරකේසරී හා තිනකරන් පුවත්පත්වලට සුජාතාගේ ගායන ජීවිතය විවරණය කරමින් ලියා ඇත්තේ භාරතයේ ජේසුදාස් හා බාලසුබ‍්‍රමණියම්ට මෙන් ඇයට ද අනන්‍ය වන තමාගේ ම හඬක් හා ශෛලියක් ඇති බවයි; උත්තර හෝ දක්ෂිණ හෝ භාරතයේ ඇය උපන්නා නම් ඇය වඩාත් ලෝක පූජිත ගායිකාවක වන බවයි.

සුජාතාගේ හඬ අභ්‍යාස මගින් මනාව හික්මවන ලද පෙරදිග ස්ත‍්‍රීත්වයේ සුකුමාර මාධූර්යයෙන් ආඪ්‍ය වූවකි. ජෝති, මිල්ටන්, බෙග්, ලන්ත‍්‍රා සහ මුත්තුසාමි ආදී ජනප‍්‍රිය ගායන ශිල්පීන් සමග යුග ගී ගයමින් සංවාදයේ යෙදුණු සුජාතා ඔවුන්ගේ ගායන ලීලාවන් සමග සහජීවනයෙන් රස නිපදවූවාය. පසු කලෙක වික්ටර් සහ සනත් සමග ද ඕ භාවපූර්ණ ගැයුමක යෙදුණාය. අමරදේවයන්ගේ ‘මධුවන්ති’ ගීතාවලියේ, ‘ඔබේ නමින් සෑය බඳිමි’ ගීය ගයද්දී මුලදී ම සහාය ගායිකාව වූයේ සුජාතාය.

”ආදරේ මල් පල දරයි
දුගී පැල රස මුසු කරයි
රිදී රන් මිණි මිල නොවෙයි
ආදරය හිත ගිය තැනයි”

යනුවෙන් ලන්ත‍්‍රා සමග එක්ව ‘හැංගි හොරා’ චිත‍්‍රපටයට පේ‍්‍රමයේ මාධූර්යය පිරුණු හ`ඩින් ගැයූ සුජාතා විප‍්‍රවාසී විරහිනියකගේ හ`ඩින් ෂෙල්ටන් පෙරේරාගේ සංගීතයට ‘දරු දුක’ චිත‍්‍රපටයට මෙසේ ගැයුවාය.

”මහා චණ්ඩ සුළඟට මැදි වී ඉන්නෙ තනිවෙලා
ලොවේ සියලූදෙන මට ගරහයි දිළිඳු මා බලා
ඔබේ නමට ඇප වී කැප වී ඉඳිමි ඉවසලා
කොහේ කොතැන සිටියත් සුහදේ එන්න මා බලා”

1966 වසරේදී ඕ සම්මානිත වූවා, ලයනල් අල්ගමගේ සංගීතයට ‘පරසතු මල්’ චිත‍්‍රපටයට මහගම සේකර ලියූ,
”පරවුණු මල්වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ”

යනුවෙන් නැළවිල්ලක් ගයමිනි. රවීන්ද්‍රනාත් තාගෝර් කවියාගේ ‘කාබුලිවාලා’ නම් කෙටිකතාවේ එන, කාබුලිවාලා සහ ‘මිනී’ නමැති කුඩා දැරිය අතර වූ අපූරු මානව සම්බන්ධතාව සිහිපත් කරන, දෙමළ-හින්දු සංස්කෘතියේ විචිත‍්‍රතාව හඳුන්වාදෙන කදිම ගීයක් පේ‍්‍රමකීර්ති ද අල්විස් විසින් ලියනු ලැබ, වික්ටර් රත්නායකගේ මධුර සංගීතයට සුජාතා, වික්ටර් හා එක්ව ගයන ගීයක් හැත්තෑව දශකයේ මුලදීම අසන්නට ලැබිණ. එය අදත් මිහිරිය.

”කොට්ට කෙලෙංගෙයි තම්බාලා කන්නට දුන්නා
තිරුක්කුරල් කවි කට පාඩම් කරලා දුන්නා
මං දාලා ගම හැරලා යන්නට යන්නා
කුදිරකාර මාමා…. කුදිරකාර මාමා…..

කුදිරගාලෙ වැඩ නෑ – ඒකත් කැඩුවා ඊයේ
දුම්කොළ හේනේ වැඩ කෙරුමත් මට බෑ ආයේ
ඒ හින්දයි මං හිතුවේ ටවුමට යන්ඩ
නිකන් ඉඳල බෑ කවදාවත් ජීවත් වෙන්ඩ”

Published on ‘Janarala‘ newspaper on the 01st of July 2012

Image

පෑ නවයකටත් වැඩි වූ දීර්ඝ දුම්රිය ගමනකට පසුව රජරට රැුජින දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙහි නතර කරනු ලැබිණ. ගමන් මලූ දෙකකුත් දෑතින් එල්ලාගත් මම බසින්නට පොදිකන සෙනඟ දෙසට, දොරටුව වෙත යමින් සිටියෙමි. එකවරම වේදිකාවේ සිටි මගීන්ගේ කෑගැසීමක් ඇසිණ. ඔවුන්ගේ විස්මයාවහ වූ කම්පිත මුහුණු පෙනිණ. මම ආයාසයෙන් දොරටුවට ළංවීමි.
මුලින් සිඳලූ ලතාවක් සේ ඕ අසරණව, දුක්ඛිතව, දුම්රිය මාර්ගයෙහි වැටී සිටියෝය. ඇය මගේ බිරියය. ඇගේ මුහුණෙහි වූ වේදනාවත් හැඬුම් ස්වරයත් දැනුදු පෙනෙමින්, ඇසෙමින් තිබේ. වඩාගෙන හුන් දරුවකු දුම්රිය වේදිකාවේ තැබූ මවක මගට බැස ඇය ඔසවා වේදිකාව මත තබන විටත් මා සිහි එළවාගත නොහී සිටියේ මැදිරිය තුළමය. අඩි හතරකටත් වැඩි උසකින් කොන්කී‍්‍රට් සිල්පර මතට වැටී ඕ තුවාල නොලබා තැළුම් පමණක් ලබා සිටියාය. කාට ස්තූති වේවායිදෝ කියන්නට පවා මට නිනව්වක් නැති විය.
කොන්ක‍්‍රීට් සිල්පර මත, දුම්රියේ යකඩ ගොඩවල් අතර ඈ වැතිර සිටි දුක්ඛිත විලාසය සිහිගැන්වෙන විට මට දැන් ඇසෙන්නේ මහා කවි කාලිදාසයන් රඝුවංශ මහා කාව්‍යයේදී ඉන්දුමතියගේ වියොවින් අසරණව ගිය කුමරුන්ගේ මුවට නැංවූ වදන්ය.

”අද මාගේ ධෛර්යය හෙවත්
වැටහීම් නුවණ නෑසිණ
ක‍්‍රීඩා නැවතිණ
ගායනය වැළකිණ
වසන්තාදී සාද උත්සව රහිත විය

ඔබම ගෘහිණියයි
හිත උපදෙස් දෙන බැවින්
උපදේශකයාත් ඔබමයි
රහස් ඇමැති තෙමේත්
ඔබමයි”

ඉන්දුමතිය වන් යස ඉසුරින් ආඪ්‍ය රාජකීය සුකුමාරවතියක නොවූ ඇය සිවු පනස් වසරක් තිස්සේ ඇදගෙන ගිය දිවි ගැලෙහි බරින් සිඳී-ගෙවී ගිය කරුණාස්ථි ඇතිව, සන්ධි වාත රෝගයෙන් ආතුරව සිටියාය. ඉදිමුණු අත්, පා, සන්ධි ඇතිව කර්ම රුජාවෙන් පෙළුණාය. ¥ දරු මුනුබුරන්ගේ නොවිසඳුණු ගැටලූවලින් පීඩිතව උන්නාය.
පුරා පස් වසරකට ද වැඩි කාලයක් ජීවය ද මුදල් ද සිඳී යද්දී අනේක විධ අතුරු ආබාධවලින් පෙළෙමින් සිට සුවයක් නොවූ කලය, අප අනුරාධපුර පුරාණ රාජධානිය බලායන්නට තීරණය කළේ. ඒ ඉසිවරයකු බඳු වෙදැදුරකු පහළව ඇතැයි තුඩින් තුඩ පැතිරගත් ආරංචි නිසාය. එපුරවාසී මිතුරෝ
අප වෙනුවෙන් දුක් ගනිමින්
ඉසිවරාගෙන් වේලාව ද
උන්ගෙන් අන්නපානාදිය ද ලබාදුන්නේය. පෑ ගණන් පෝලිම්වල ලැග ඖෂධ ලබාදුන්නේය.
වන්නාටය! ඉසිවරා කීයේ මේ කර්මජ රෝගයක් බවය. සැබෑවකින්ම විය හැකිය. මේ සා දියුණු ප‍්‍රවාහන පද්ධති ඇති ලොවක, දුම්රියෙන් වේදිකාවට බැස
ගන්නට පා පුවරුවේ ඉහළම හිණෙහි සිට අඩි තුනහතරක කතුරු ඔංචිල්ලාවකින් බැසිය යුතුව ඇත්නම්! පෑ නවයකටත් වැඩි දුෂ්කර ගමනකට පසුව, අවම සුව පහසුකම් ඇති ආසන – මැදිරි සත්කාර විඳ, අත් පා සන්ධි ඉදිමී අගුලූ වැටී ඇති දුර්වල කාන්තාවකට දුම්රිය මගට ඇදවැටෙන්නට සිදුවේ නම්, එය කර්මජ රෝගයක් ම විය යුතුය. ඒ කර්මජ රෝගය අනෙකක් නොව, මෙබඳු රටක උපදින්නට සිදුවීමය. ඒ සුව කරන බෙහෙත් කවුරු දනිත්ද?
නොසිතූ – නොවිරූ මොහොතක මෙබඳු අනපේක්ෂිත ව්‍යසනයක් එළඹි කල්හි දැනෙන කලකිරීම හා පසුතැවිල්ල විස්තර කිරීම පහසු නැත. සියලූ කිත්යසස්, තනතුරු, ගරු නම්බු ආදිය ප‍්‍රලාප බව වැටහී, පුත‍්‍රදාරාදීන් ද නෑදෑ හිත මිතුරන් ද සිහිනවල චරිත බවට පත්වන්නේය. ඒ සිහිනය කෙසේ නම් මිහිරි විය හැකිද?

Published on ‘Janarala‘ newspaper on 17th June 2012

Image

අ පි පාසල් සිසුන්ව සිටි අවධියෙහි ලියන්නට උත්සාහ කළ කවි ඇතැම් විට අදහස් දැක්වීම් අපේක්ෂාවෙන් මහගම සේකර කිවිඳුන් වෙත යවන්නට පුරුදු වී සිටියෙමු. කෙතරම් වැඩ කටයුතු ඇත ද හෙතෙම ඒවා කියවා සිය ප‍්‍රතිචාර දක්වා එවන්නට තරම් කාරුණික විය. ඇතැම් විට පොදුවේ කවිය පිළිබඳ ඔහුගේ අදහස් ද ඒ ලියුම්වල තිබිණ. එකී අදහස් අපට සැබැවින්ම එකල මනා මග පෙන්වීමක් වූවා මෙන්ම විශාල උත්තේජනයක් ද විය.

”…තමා කරන නිර්මාණයෙන් පළමුවෙන් ම තෘප්තිමත් වන්නේ කවියාමයි. ඔහුගේ හද ඉන් සසල වේ නම්, ඉන් වින්දනයක් ලැබේ නම් පමණයි සහෘදයා අතට එය පත්කළ යුත්තේ….” සේකර ලියා එවීය. නිර්මාපකයා තම නිර්මාණය පිළිබඳව එසේ පළමුව තෘප්තිමත් වීම ඔහු හැඳින්වූයේ ‘නිර්මාණ ප‍්‍රීතිය’ යනුවෙනි. නිර්මාණ ප‍්‍රීතිය නිසා ඔහුට සා-පිපාසා පවා නොදැනේ යැයි හෙතෙම ලියා තිබිණ. ඒ අනුව සහෘදයන් වෙත නිර්මාණය පත්කරනු පෙර සහෘදයකු ළ ඇත්තකු විය යුත්තේ නිර්මාපකයාමය. (ළ ඇත්තන් යනු සීගිරි ගීයේ හමුවන සහෘදයා යන්නට සමාන යෙදුමකි.* සැබැවින්ම එකල වෙළෙඳපොළ ආර්ථිකය විසින් කලා ක්ෂේත‍්‍රය එතරම් දුරට ආක‍්‍රමණය කොට තිබුණේ නැත; කලා කෘති වටා වූ රැුස් වළලූ ගැලවී තිබුණේ ද නැත.

අද ඒ සමාජ, සංස්කෘතික, ආර්ථික පරිසරය බොහෝ දුරට වෙනස් වී තිබේ.
කවි ගී ලියන නිර්මාණකරුවන්ට තමාගේ ස්වාධීන නිර්මාණ කාර්යයෙන් බැහැරව ද ඇතැම් දේ ලියන්නට සිදුවේ. ඒවා කලා කෘති ලෙස හැඳින්වීම කෙතෙක් දුරට නිවැරැුදිදැයි නොවැටහෙතත් ඔවුන්ට එබඳු ලියවිලි කරන්නට සිදුවේ. පාසල් ගී, උපහාර ගී, විවිධ ආයතන හා උත්සව පිළිබඳ ගී මෙන්ම, ශෝක ප‍්‍රකාශ, බැනර්, තේමා පාඨ, නම් ආදිය ද ඒ අතර වේ. ඒ කවරක් වුවද නිර්මාණාත්මක ශ‍්‍රමය මෙන්ම ප‍්‍රතිභාව ද ව්‍යුත්පත්තිය ද පිහිටට ගන්නා කෘතීන්ය. බොහෝ විට එබඳු දේ ලියැවෙන්නේ හිතමිත‍්‍ර සම්බන්ධතා අනුව පැහැරහැරිය නොහැකි ඉල්ලීම් පරිදිය. මෙබඳු කාර්යයන් ඉටුකර දෙන මුදල් අයකරන සංවිධානාත්මක වාණිජ්‍ය ආයතන ද ඇතත් හිතවතුන්ගේ ඉල්ලීම් පරිදි ලියැවෙන එබඳු කෘතීන්ට බොහෝ විට මූල්‍යමය අගයක් නොලැබේ.

නිර්මාණයට අවංක වන, එයට තමාගේ උපරිමය පිරිනමන නිර්මාපකයකු එබඳු කෘතියක් උදෙසා වුව බොහෝ වෙහෙසවන අවස්ථා ඇත. ඇතැම් විට පාසල් ගීයක, උපහාර ගීයක, කාව්‍යෝක්තියක් නිර්මාණයට උචිත වදනක් දෙකක් තෝරාගන්නට නිදිවරමින් වෙහෙසෙන්නට සිදුවන අවස්ථා ඇත. ශුද්ධ කලා කෘතියක මෙන්ම මෙබඳු උපයෝගිතා කෘතියක ද ඇත්තේ නිර්මාපී චින්තනයයි.

පසුගියදාක එබඳු නිර්මාණ කාර්යයක යෙදෙන සේ මා ලද ආරාධනා කිහිපයක් විය. ඒ අනුව ඉන් පළමු වැන්න දකුණේ ඈත නගරයක ආදර්ශ ප‍්‍රාථමික විදුහලක ශිෂ්‍ය නායක-නායිකාවන් වෙනුවෙන් ගීයක් ලියා දෙන සේ කළ ඉල්ලීමකි. ඉල්ලීම විදුහලේ දරුවකුගේ පියකුගෙනි. කලාව පිළිබඳ ලැදියාවක් ඇති, කලා කටයුතුවල ද නිරත හෙතෙම කලක පටන් මගේ සමීප මිතුරෙකි. දෙවැන්න වයඹ පළාතේ ප‍්‍රධාන පාසලක ආදි සිසුන් පිරිසකගේ ඉල්ලීමකි. ඒ ආදි ශිෂ්‍ය ගීයක් වෙනුවෙනි. තුන්වැන්න ද දකුණේ ප‍්‍රධාන පාසලක පාසල් ගීයකි. බොහෝ කලක් භාවිතයට ගත් ගීතය අද නොසරිලතැයි සිතූ ඔවුහු දෙවරක්ම නිවසට පැමිණ ඒ ඉල්ලීම කළහ.

වරින් වර දුරකථනයෙන් ද කළ සිහිපත් කිරීම් නිසා මම මේ රචනා තුනම මට හැකි පමණ හොඳින්, කඩිනමින් නිර්මාණය කර දෙන්නට උත්සාහ කළෙමි.

”ළා හිරු සේ නැඟි ගගනත ඇති ගනඳුර දුරුකළ
ආදර්ශ ප‍්‍රාථමික විදුහල……………………. පුරවර
……………………………………………………
ලබා දැනුම ගුරු දෙව් පාමුල
කලා, ශිල්ප, නිපුණව අපමණ
නියාමකව සෝයුරු කැළකට
නිමා කරමු අපගේ මෙහෙවර”

පළමු ගීතය ෆැක්ස් මගින් මිතුරා වෙත යවා ඔහුගේ ප‍්‍රතිචාර අපේක්ෂාවෙන් සිටිය ද කිසිවක් නොවූ තැන, මම ම ඔහු ඇමතීමි. ”ෆැක්ස් එක ලැබිලා ඇති” හේ කීය. එපමණි.
දෙවැන්න වයඹ ආදි සිසුන්ගේ ඉල්ලීමයි. එය ද ෆැක්ස් මගින් යැවීමි.

”පැනසර දිසාපාමොක්වරුන්
නැණ ගුණ සපිරි ගුරු මාපියන්
වැඩූ පුතුනි මෙබිමට තිළිණ දුන්
මොවුන් පිණිපා කරම්”

එය ලද විගසම වාගේ එක් ආදි සිසුවෙක් කතා කළේය. ”නියමයි!….. නියමයි….!” ඔහු කීවේ එපමණි.
ඔවුන්ගේ අපේක්ෂාව තෘප්ත කළා යැයි මට සැබැවින්ම සතුටක් ඇති විය.
තුන්වැනි ඉල්ලීම වූ නව පාසල් ගීය ද ෆැක්ස් මගින් යැවීමි.
”පරිගණක නව දැනුම ගණිත මිනිත විදු දැනුම්
නන් බසින් නිපුණකම් – ලබා කලා බුහුටි කම්
කෙළි මඬුලූ දිනා නොහිම් විපුල වීර්යයෙන්
සිරි-ලක් මවුන් සදමු…. නාමයෙන්”

ගීය ලද බවට හෝ කිසිදු ප‍්‍රතිචාරයක් නොවූ තැන මම ම ඇමතුමක් ගතිමි. ලැබුණු ගීතය විමසා බලා ඉදිරියේදී දන්වන බවට යාන්ත‍්‍රික – උදාසීන පිළිතුරක් ලැබිණ. එහෙත් තවමත් පසු ප‍්‍රතිචාරය නොලැබිණ. කුහුඹුවාගේ මුත‍්‍ර ඌට ගංගාවකැයි අපි අසා ඇත්තෙමු. එමෙන්ම ‘එරුම්බුම් කන් කෛයාල් එන්පාන්’ යනුවෙන් දෙමළ ආෂ්ත පදයක් ද අසා ඇත්තෙමු. එහි සිංහල අදහස වන්නේ ‘කුහුඹුවාත් උගේ අතින් වියත් අටයි’ යන්නය.

මා අවංකව ම දැරූ නිර්මාණාත්මක වෙහෙස මට වටින්නේ නොවේද? එහෙත් ඉහත ප‍්‍රතිචාර නිසා මම මහත් සේ කලකිරීමට ද පසුතැවිල්ලට ද දුර්මුඛ භාවයට ද පත්වීමි.

වැදගතුන්ට බොහෝ කටයුතු තිබේ. ඇතැම් විට කලා-සාහිත්‍ය නිර්මාණ යනු ඔවුන්ගේ ලෝකයේ නොවැදගත් ම දේ වේ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම් ඔවුන්ට නොවැදගත් විය නොහැකිය. නිෂ්පාදනයෙන් මිනිසා වියෝ කළ, ස්වකීයයාගෙන් ස්වකීයයා වියෝ කළ, මිනිසාගෙන් මිනිසා වියෝ කළ, මිනිස්කමින් ද ඊට අදාළ කලා-රසික සංවේදිතාවෙන් ද මිනිසා වියෝ කළ, ධනේශ්වර පරත්වාරෝපණය තුළ නොවිය හැක්කේ කුමක්ද?  – මා හිත හදාගත යුතුය!

Published on ‘Janarala‘ newspaper on 24th June 2012